සංගීතයක් බලා ගෙදර යමින් සිටි තරුණයන් තිදෙනෙක් කැබ් රථයක ගැටී මරුට

සංගීතයක් බලා ගෙදර යමින් සිටි තරුණයන් තිදෙනෙක් කැබ් රථයක ගැටී මරුට

අනුරාධපුර – රඹෑව ප්‍රධාන මාර්ගයේ කිලෝමීටර 13 සහ 14 කණු අතර ප්‍රදේශයේදී, අද අළුයම 1.30ට පමණ සිදුවූ මාරක රිය අනතුරකින් පාසල් සිසුවකු ඇතුළු තිදෙනකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි මහින්තලේ පොලිසිය පවසයි.

රඹෑව නගරයේ පැවති සංගීත ප්‍රසංගයක් නරඹා ආපසු යමින් සිටි හත්දෙනෙකුගෙන් යුත් පිරිසකගේ කැබ් රථයක් ගැටීමෙන් අනතුර සිදුව ඇති බව පොලිසිය සඳහන් කළේය.

අනතුරින් මියගොස් ඇත්තේ, රඹෑව වාන ප්‍රදේශයේ සහ තඹලගොල්ලෑවේ පදිංචි වයස අවුරුදු 14, 19 සහ 21ත් අතර වියේ පසුවන තරුණයන් තිදෙනෙකි.

අනතුරින් බරපතල තුවාල ලැබූ තරුණියන් දෙදෙනෙකු අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.

අනතුර සිදු කිරීමෙන් අනතුරුව කැබ් රථය අනුරාධපුර දෙසට ධාවනය කර ඇති අතර එය සොයා පොලිස් කණ්ඩායමක් කීපයක් විමර්ශන ආරම්භ කර තිබේ.

Share This