එජාප මැයි රැළියට තමා නොඑන බව ජනපති එජාපයට දැනුම් දෙයි

එජාප මැයි රැළියට තමා නොඑන බව ජනපති එජාපයට දැනුම් දෙයි

නිර්පාක්ෂික ජනාධිපතිවරයෙක් ලෙස තමා එජාප මැයි රැලියට සහභාගි නොවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය අඟහරුවාදා පැවති එජාප කළමනාකරණ කමිටු රැස්වීමට දැනුම් දී තිබේ.

පාක්ෂිකයන් මෙන්ම තරුණ කොටස් සමඟ මැයි දිනය සැමරීමට සැලසුම් සකස් කරන්නැයි ජනාධිපතිවරයා මෙහිදී එම කමිටු නියෝජිතයන්ට උපදෙස් දී තිබේ.

මේ අතර එක්සත් ජාතික පක්ෂ මැයි දින රැලිය කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇතැයි පක්ෂ මහ ලේකම් රංගේ බණ්ඩාර මහතා පැවසීය.

Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )