භික්ෂූන්ගේ – සිල්මෑණියන්ගේ පාස්පෝට් එකට ගෞරව නාමයක්

භික්ෂූන්ගේ – සිල්මෑණියන්ගේ පාස්පෝට් එකට ගෞරව නාමයක්

භික්ෂූන් වහන්සේගේ සහ සිල්මෑණියන් වහන්සේලාගේ ගුවන් ගමන් බලපත්‍රයේ සහ ජාතික හැදුනුම්පතේ විශේෂ ගෞරව නාමයක් යෙදීමට තීරණය කළ බවත් ඒ අනුව භික්ෂූන්වහන්සේලා සඳහා ‘VENERABLE’ ලෙස සහ සිල්මෑණියන් වහන්සේලා සඳහා ‘REVEREND’ ලෙස යෙදීමට නියමිත බවත් බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යය පැවසීය.

මෙරට සංඝ නිකාය පාර්ශ්වයන්හි ලේඛකාධිකාරී නායක ස්වාමීන් වහන්සේලා සහ බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා අතර එම අමාත්‍යාංශයේදී පැවති සාකච්ඡාවකදී මෙම තීරණයට එළඹි බව ද එම අමාත්‍යංශය වැඩි දුරටත් සඳහන් කළේය.

Share This