බයිනෑන්ස් ප්‍රධානියා ඉල්ලා අස්වෙයි.

බයිනෑන්ස් ප්‍රධානියා ඉල්ලා අස්වෙයි.

ලොව විශාලතම ක්‍රිප්ටෝ කරන්සි හුවමාරුව වන බයිනෑන්ස් හි ප්‍රධාන විධායක, Changpeng Zhao එම සමාගමෙන් ඉල්ලා අස්වී තිබේ.

ඒ ඔහුට එරෙහිව එල්ලවූ මුදල් විශුද්ධිකරණ චෝදනා සඳහා වැරැද්ද පිලීගැනීමෙන් අනතුරුව ය.

“මම වැරද්දක් කළා…මම ඒ සඳහා වගකීම භාරගන්නවා. මම ඒ තීරණය ගන්නේ අපේ අය වෙනුවෙන්…”

ඒ සමගම ඩොලර් බිලියන 4.3ක් දඩ ලෙස ගෙවන ලෙස එක්සත් ජනපද බලධාරීන් බයිනෑන්ස් සමාගමට දැනුම්දී තිබේ.

ඔවුන් පවසන්නේ සම්බාධක පනවා ඇති රටවලට සහ වෙළෙඳපොළ වලට මුදල් හුවමාරු කිරීම සඳහා එය යොදාගෙන ඇති බවයි.

විශේෂයෙන් ඉරාන ග්‍රාහකයින්ට ඩොලර් මිලියන 900ක් පමණ වටිනා හුවමාරු සඳහා බයිනෑන්ස් භාවිත කර ඇති බවත් ඊට අමතරව රුසියාව, සිරියාව වැනි සම්බාධක පනවා ඇති රටවල් සමගත් ඒ ඔස්සේ මුදල් හුවමාරු කර තිබූ බවත් සඳහන් ය.

බයිනෑන්ස්, කේමන් දිවයිනේ ලියාපදිංචි කර ඇති සමාගම කි.