දශක දෙකකට පසු සූර්යාගෙන් නිකුත්වූ ප්‍රබල ගිනිදැල්ලකින් අහසට උන දේ

දශක දෙකකට පසු සූර්යාගෙන් නිකුත්වූ ප්‍රබල ගිනිදැල්ලකින් අහසට උන දේ

දශක දෙකකට පසු ඇති වූ බලවත්ම සූර්ය කුණාටුවේ බලපෑම ඊයේ (10) දිනයේ දී පෘථිවියට එල්ල විය.

ඒ හේතුවෙන් ටස්මේනියාවේ සිට බ්‍රිතාන්‍යය දක්වා අහසේ දර්ශනීය වර්ණවත් ආලෝක සංදර්ශන ඇති වූ අතර අතර, ‘අවුරෝරා බොරයාලිස්’ හෙවත් උතුරු එළි සංසිද්ධිය ලෙස එය හඳුන්වනු ලබනවා.

මෙම තත්ත්වය බලපා තිබුණේ සූර්යාගෙන් නිකුත්වූ ප්‍රබල සූර්ය ගිනිදැල්ලක් හේතුවෙන් බව සඳහන් වෙයි.

ඒ අනුව යුරෝපා රටවල අහස රෝස සහ කොළ පැහැයෙන් වර්ණවත් වී තිබුණි.

අමෙරිකාවේ ජාතික සාගර සහ වායුගෝලීය පරිපාලනයට අනුව මෙය වසර 21කට පසු පෘථිවියට බලපෑ ප්‍රබලතම භූ චුම්බක කුණාටුව වන අතර එය පස්වැනි එනම් G5 මට්ටමක පවතී.

එහි බලපෑමෙන් උතුර එළිවලට අමතර ගෝලීය විදුලි සහ සන්නිවේදන පද්ධතිවලට බලපෑම් එල්ල විය හැකිය.

ඒ අතරට විදුලි බිඳවැටීම්, ජංගම දුරකථන ජාල බිඳවැටීම්, රේඩියෝ සංඥා බිඳවැටීම්, චන්ද්‍රිකා ක්ෂයවීම් වැනි ආපදා අයත් වෙයි.

අවසන්වරට මෙවැනි සූර්ය කුණාටුවකින් පෘථිවියට බලපෑම් එල්ල වී ඇත්තේ 2003 වසරේ ඔක්තෝබර් මාසයේදීය.

එහිදී ස්වීඩනයේ සහ දකුණු අප්‍රිකාවේ විදුලි පද්ධතිවලට බලපෑම් එල්ල වී ඇත.