ප්‍රදේශ කිහිපයකට මි.මී 100 ඉක්මවූ වැසි

ප්‍රදේශ කිහිපයකට මි.මී 100 ඉක්මවූ වැසි

දිවයිනේ බොහෝ පළාත්වල පස්වරු 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ නැගෙනහිර පළාත්වලත් බදුල්ල, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී.100 ට වැඩිතද වැසි ඇතිවිය හැක.

බස්නාහිර සහ දකුණු පළාත්වල වෙරළබඩප්‍රදේශවලඋදෑසන කාලයේදීත් ස්ථාන ස්වල්පයක වැසි ඇතිවිය හැක.

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.