පක්ෂ නායකත්වය ගැන හිටපු ජනපතිනියගෙන් නිවේදනයක්

පක්ෂ නායකත්වය ගැන හිටපු ජනපතිනියගෙන් නිවේදනයක්

පොදුජන එක්සත් පෙරමුණේ නායකත්ව මණ්ඩලයේ නායකත්වය භාරගැනීමට මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරනතුංග මහත්මිය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් ඇය පෙන්වාදෙන්නේ, ඉදිරි ජනාධිපතිවරණය සඳහා කිසිදු අපේක්ෂකයෙකුට සහාය ලබාදීමට මෙතෙක් තීරණය කර නොමැති බවය.

විවිධ ජනපති අපේක්ෂකවරුන්ට ජනාධිපතිවරණයේ දී සහාය ලබාදීමට තීරණය කර ඇති බවට ජනමාධ්‍ය වල පවතින වාර්තා සම්පුර්ණයෙන්ම අසත්‍යය බව සිය නිවේදනය මඟින් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරනතුංග මහත්මිය දැනුම් දී තිබේ.

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරනතුංග නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.