ICC ප්‍රධාන විධායක නිලධාරීවරයා සහ ක්‍රීඩා ඇමති අතර හමුවක්

ICC ප්‍රධාන විධායක නිලධාරීවරයා සහ ක්‍රීඩා ඇමති අතර හමුවක්

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) ප්‍රධාන විධායක නිලධාරී Geoff Allardice සහ ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු අතර හමුවක් සිදුවී තිබෙනවා.

Geoff Allardice ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ ICC විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට පනවා ඇති තහනම හේතුවෙන්.

Geoff Allardice අද ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු හමුවූ අතර, එහිදී ICC තහනම ඉවත් කිරීමේ හැකියාව පිළිබඳව සාකච්ඡාවක් සිදු වී තිබෙනවා.

මෙරට ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් අතිශය සුබවාදී බලාපොරොත්තු තබාගත හැකි බවයි හමුවෙන් පසු ක්‍රීඩා අමාත්‍යවරයා පැවසුවේ.

අමාත්‍යවරයා ට්විටර් සටහනක් තබමින් ප්‍රකාශ කළේ ICC ප්‍රධාන විධායක නිලධාරීවරයා සමඟ ඵලදායි සාකච්ඡාවක් සිදු වූ අතර එහිදී ශ්‍රී ලංකා ක්‍රිකට්හි ඉදිරි ගමන පිළිබඳව ද අවධානය යොමු වූ බවයි.

අදාළ සාකච්ඡාවේ ප්‍රතිඵලයක් ලෙස ICC ප්‍රධාන විධායක නිලධාරියා අද සවස ජනාධිපතිතුමන් හමුවීමටද නියමිත බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

May be an image of 2 people

May be an image of 2 people