ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී අශෝක තිලකරත්න අභාවප්‍රාප්ත වෙයි

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී අශෝක තිලකරත්න අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ නිවේදක සහ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී අශෝක තිලකරත්න මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

ඒ මහතා අසනීප තත්ත්වයක් හේතුවෙන් කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස අභාවප්‍රාප්ත වී ඇත.

මියයන විට අශෝක තිලකරත්න මහතා 82 හැවිරිදි වියේ පසුවිය.

කොළඹ නාලන්දා විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ තිලකරත්න මහතා 1967 වසරේදී ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවට එක් වී තිබේ.

දීර්ඝ කාලයක් මාධ්‍යවේදියෙකු ලෙස කටයුතු කළ ඒ මහතා සිංහල හා ඉංග්‍රීසි යන භාෂා දෙකෙන්ම ප්‍රවෘත්ති ඉදිරිපත් කළ ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදීයෙකි.

ඒ මහතා මෙරට ගුවන්විදුලියේ ස්වර්ණමය යුගයේ පෙරගමන්කරු ලෙස සැළකෙන රිජ්වේ තිලකරත්න මහතාගේ එකම සොහොයුරාය.