හුංගම වෙඩි තැබීමකින් ව්‍යාපාරිකයෙක් මරුට

හුංගම වෙඩි තැබීමකින් ව්‍යාපාරිකයෙක් මරුට

හුංගම තිස්ස පාර, රන්න ප්‍රදේශයේ ගොඩනැගිලි ද්‍රව්‍ය වෙළෙඳසැලක හිමිකරුවෙකු වෙඩි වැදීමකින් මියගොස් තිබේ.

ඊයේ (09) රාත්‍රියේ මෙම වෙඩි තැබීම සිදුව ඇති අතර වෙඩි වැදීමෙන් මියගොස් ඇත්තේ 51 හැවිරිදි එම ප්‍රදේශයේ ම පදිංචිව සිටි ව්‍යාපාරිකයෙකි.

මෙම පුද්ගලයා ව්‍යාපාරයක් වශයෙන් හාඩ්වෙයාර් වෙ‍ළෙඳසැලක් පවත්වාගෙන ගොස් ඇති අතර ඊයේ රාත්‍රියේ ඔහු පළමු මහ‍ලේ සිට බිම් මහලට බැස ඇති අවස්ථාවේ වෙඩි වැදීම සිදුව ඇති බව සඳහන් වේ.

මෙම වෙඩි වැදීම මනුෂ්‍ය ඝාතනයක් ද නැතහොත් සියදිවි නසා ගැනීමක් ද යන්න සම්බන්ධයෙන් මෙ‍‍‍තෙක් කරුණු අනාවරණය වී නොමැති බවයි, පොලිසිය පැවසුවේ.

හුංගම පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Share This