ත්‍රිපෝෂ ගැන කැබිනට් තීරණයක්

ත්‍රිපෝෂ ගැන කැබිනට් තීරණයක්

ළමුන් සඳහාවන ත්‍රිපෝෂ ඇතුළු ආහාර අතිරේක වැඩසටහන්වලට අවසර ලත් ඇෆ්ලැටොක්සින් මට්ටම් සංශෝධනය කිරීමේ යෝජනාවක් ඇමැති මණ්ඩලය විසින් අනුමත කර ඇත.

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරන මාතෘ හා ළමා සෞඛ්‍ය වැඩසටහන යටතේ මාස 6 සිට අවුරුදු 3 දක්වා අඩු පෝෂණ මට්ටමක් ඇති ළමුන් සඳහා අතිරේක ආහාරයක් ලෙසත් ගැබිණි සහ කිරිදෙන මව්වරුන් සඳහා අතිරේක පෝෂකයක් ලෙසත් ත්‍රිපෝෂ ලබාදෙන බව රජය පවසයි.

කෙසේ වෙතත්, 1980 අංක 26 දරන ආහාර පනත යටතේ පවතින රෙගුලාසිවල නියම කර ඇති සම්පූර්ණ ඇෆ්ලැටොක්සින් සඳහා දැඩි අවසර ලත් සීමාවන් හේතුවෙන් ත්‍රිපෝෂ නිෂ්පාදනයට බඩඉරිඟු මිලදී ගැනීම දුෂ්කර වී ඇති බව රජය සඳහන් කරයි.

එබැවින් අන්තර්ජාතිකව පිළිගත් ආහාර අතිරේකවල B1 වර්ගය සඳහා 5 ppb සහ සම්පූර්ණ ඇෆ්ලැටොක්සින් මට්ටම 10 ppb සඳහා වන මට්ටමේ සීමාව අදාළ කිරීමට සෞඛ්‍ය ඇමැතිවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව ඇමැති මණ්ඩලය විසින් අනුමත කර ඇත.

Share This