සතොස සේවකයෝ සත්‍යග්‍රහයක

සතොස සේවකයෝ සත්‍යග්‍රහයක

සමූපකාර තොග වෙළෙඳ සංස්ථාව (සතොස) ප්‍රතිව්‍යුහගත කිරීම යටතේ එහි සියලුම සේවකයන් මේ මස 30 වැනිදා සිට අනිවාර්ය නිවාඩු යැවීමට විරෝධය දක්වමින් එහි සේවකයෝ කොල්ලුපිටියේ පිහිටි වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතා අමාත්‍යංශය පරිශ්‍රය තුළ සත්‍යග්‍රහයක් අද (26) ආරම්භ කළහ.

සේවකයන් බලහත්කාරයෙන් විශ්‍රාම ගන්වා සතොස සතු දේපළ පෞද්ගලික අංශයට දීමට උත්සහ කරන බව ද පවසමින් එහිදී සේවකයෝ විරෝධය දැක්වූහ.