මිල කල නොහැකි වාලම්පුරි 03ක් සමග තිදෙනෙක් අත්අඩංගුවට

මිල කල නොහැකි වාලම්පුරි 03ක් සමග තිදෙනෙක් අත්අඩංගුවට

ඉතා දුර්ලභ ගණයේ මිල කල නොහැකි වාලම්පුරි 03ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවන් තිදෙනෙකු සේරුනුවර නගරයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, ලංකාපටුන නාවික හමුදා කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් ලබාදුන් තොරතුරක් මත පොලිස් විශේෂ කාර්ය බලකායේ කන්තලේ කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් සිදුකල වැටලීමකදීයි.

එහිදී අත්අඩංගුවට ගෙන ඇත්තේ බලංගොඩ, රඹුක්කන සහ පස්සර ප්‍රදේශවල පදිංචි සැකකරුවන් තිදෙනෙක්. ඔවුන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සේරුනුවර පොලිස් ස්ථානය වෙත භාරදුන් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවේ.

Share This