කොළඹ බස් රථ ප්‍රමුඛතා මංතීරු වැඩ සටහන අද සිට

කොළඹ බස් රථ ප්‍රමුඛතා මංතීරු වැඩ සටහන අද සිට

කොළඹ කලාපයේ බස් රථ ප්‍රමුඛතා මංතීරු වැඩ සටහන අද (02) සිට ක්‍රියාත්මක කිරීමට පොලිසිය පියවර ගෙන තිබේ.

මෙය නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.

අද (02) සිට 14 දා දක්වා සති දෙකක කාලයක් මෙම බස් රථ ප්‍රමුඛතා මංතීරු වැඩසටහන ක්‍රියාත්මකවනු ඇති.

මෙම නියමු ව්‍යාපෘතිය වැල්ලවත්ත සැවෝයි සිනමා ශාලාව අසල සිට ගාලු පාර ,පිටකොටුව දක්වා බස් රථ ඇතුළුවීම පෙරවරු 6.00 සිට 9.00 දක්වාද මරදාන පාර බොරැල්ල හන්දියේ සිට පිටකොටුව ඕල්කට් මාවත ඇතුළුවීම පෙරවරු 6.00 සිට 9.00 දක්වාද පිටවීම අදාළ මාර්ගවලම පස්වරු 4.00 සිට 9.00 දක්වාද වන ලෙස ක්‍රියාත්මක කෙරෙන බව පොලිසිය සඳහන් කළේ.

ශ්‍රී ලංගම බස් රථ, පුද්ගලික බස් රථ, පාසල් බස් හා වෑන් රථ, කාර්යාල කාර්ය මණ්ඩල ප්‍රවාහනය කරන බස් රථ හා වෑන් රථ පමණක් මෙම මංතීරුවේ ධාවනයට අවස්ථාව හිමිවනු ඇත.

වෙනත් වාහන ඉහත කාල සිමාවන් වල මෙම මංතීරුවට ඇතුළු කළ නොහැකි බවයි පොලිසිය දැනුම් දෙන්නේ.

Share This