මරණ දඩුවම නියම වී සැඟව සිටි අයෙක් වසර 19කට පසු අත්අඩංගුවට

මරණ දඩුවම නියම වී සැඟව සිටි අයෙක් වසර 19කට පසු අත්අඩංගුවට

ගම්පහ මහාධිකරණය මගින් මරණ දඬුවම ලබා දී ලබා දී තිබියදී සැඟව සිටි පුද්ගලයෙකු වසර 19 කට පසුව රාගම නගරයේදී සැකපිට අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

මෙසේ සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ රාගම අලගොල්ල ප්‍රදේශයේ පෙදරේරුවෙකි.

මෙම පුද්ගලයා ඔහුගේ සහෝදරයා හා එක්ව 2001 දොළොස් වැනි මස 19 වෙනි දින පුද්ගලයෙකුට තියුණු ආයුධ වලින් පහරදී ඝාතනය කිරීම සම්බන්ධයෙන් පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු බන්ධනාගාර ගත කර ඇත.

මීගමුව බන්ධනාගාරයේ රඳවා සිටියදී 2004 වර්ෂය සිදුවූ සුනාමි ඛේදවාචකය අවස්ථාවේදී වෙනත් බන්ධනාගාරයකට රැගෙන යමින් සිටියදී බන්ධනාගාර නිලධාරීන්ගෙන් මිදී මෙම සැකකරු පලාගොස් තිබිණි යැයි පොලීසිය කියයි.

2004 වසරේ 8 වෙනි මස 31 වැනි දින සැකකරුට අධි යෝජනා භාරදීමෙන් අනතුරුව සැකකරු නොමැතිව නඩුව මෙහෙයවා මෙම සැකකරුට මරණ දඬුවම නියම කර තිබිණි යැයි පොලිසිය පවසයි.

මෙම සැකකරුගේ සහෝදරයා මෙම නඩුවෙන් නිදොස් කොට නිදහස් කර ඇති අතර රාගම නගරයේ දී පෙරේදා අත්අඩංගුවට ගත් සැකකරුට ඔහු නොමැතිව සාක්කි මෙහෙයවා මරණ දඬුවම නියම කර තිබිණි යැයිද පොලිසිය කියයි.

Share This