පහරදීමේ සිද්ධියකට හිටපු පොහොට්ටු මන්ත්‍රී අත්අඩංගුවට

පහරදීමේ සිද්ධියකට හිටපු පොහොට්ටු මන්ත්‍රී අත්අඩංගුවට

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ හිටපු නාගරික මන්ත්‍රී වරයෙකු වන නලින් චින්තක පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

හොරණ ප්‍රාදේශීය ප්‍රධාන ඉංජිනේරු කාර්යාලයට කඩා වැදී වාණිජ අංශයේ විදුලි අධිකාරීවරයාට පහරදීම සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු එම පහරදීම සිදුකිරීමෙන් පසුව ප්‍රදේශයෙන් පලාගොස් සැඟව සිටීමෙන් අනතුරුව නීතිඥවරයකු මාර්ගයෙන් පොලිසියට බාර වීමෙන් අනතුරුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

පහර දීමට සම්බන්ධව වු අනෙක් සැකකරු වන ප්‍රාදේශීය ප්‍රධාන ඉංජිනේරු කාර්යාලයට අනුයුක්තව සේවය කරන රියදුරෙකු වන අතර ඔහු එදිනම අත්අඩංගුවට ගෙන හොරණ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස 21වෙනි දින දක්වා රිමාන්ඩ් භාරයට පත් කෙරිණි.

Share This