කරන්නාගොඩගේ පෙත්සම විභාගයට පංච පුද්ගල විනිසුරු මඩුල්ලක්

කරන්නාගොඩගේ පෙත්සම විභාගයට පංච පුද්ගල විනිසුරු මඩුල්ලක්

2008 වසරේ කොළඹ හා තදාසන්න ප්‍රදේශවල තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමන්ට එරෙහිව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ ගොනුකර තිබෙන නඩුව බලරහිත කිරීමේ ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ විසින් ඉදිරිපත් කර තිබෙන රිට් පෙත්සම විභාග කිරීම සඳහා පංච පුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් නම් කර තිබේ.

ඒ අනුව, අදාළ ඉල්ලීම සලකාබැලීම සඳහා එම පෙත්සම අද අභියාචනාධිකරණයේදී සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ශෂී මහේන්ද්‍රන් යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී අදාළ පෙත්සම විභාග කිරීම සඳහා පංච පුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් නම් කිරීමට අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා නියෝග කළේය.

එම විනිසුරු මඩුල්ල ඉදිරියේ අදාළ පෙත්සම මේ මස 25 වනදා විභාගයට ගැනීමට නියම කර තිබේ