නීති විරෝධී ගිනි අවි නිපදවූ කාර්මික ශිල්පියෙක් අත්අඩංගුවට

නීති විරෝධී ගිනි අවි නිපදවූ කාර්මික ශිල්පියෙක් අත්අඩංගුවට

නීති විරෝධී ගිනි අවි නිෂ්පදනය කළ කාර්මික ශිල්පියෙකු ඊයේ (21) රාත්‍රි අත්අඩංගුවට ගත්බව පොලිසිය පවසනවා.

බුද්ධි අංශවලට ලද තොරතුරක් අනුව මෙම පුද්ගලයා ඉංගිරිය, නම්බපාන, ගම්මාන පාර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

සැකකරු සමඟ ටී 56 ජීව උණ්ඩ 09ක්, නයින් එම්.එම් උණ්ඩ 06ක්, පොයින්ට් 2.2 උණ්ඩ 01ක්, පතුරම් බහාලිම සදහා භාවිත කරන කොපු 01, තලය අගල් 12 දිග සහ තලය අගල් 16 දිග මන්නා පිහි 02 ක් සහ ගිනි අවි සෑදීම සඳහා සකස් කළ බවට අනුමාන කළ හැකි යකඩ බට 03ක් මෙහිදී පොලිසිය විසින් සිය භාරයට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත සැකකරු හොරණ ⁣⁣මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත අතර, ඉංගිරිය පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.