කොළඹ වරායෙන් කිඹුලෙක් අල්ලයි

කොළඹ වරායෙන් කිඹුලෙක් අල්ලයි

කොළඹ වරාය ආශ්‍රිත මුහුදේ රැඳී සිටි කිඹුලෙකු නාවික හමුදාව විසින් අද (22) උදෑසන අල්ලා ගෙන තිබෙනවා.

එම කිඹුලා අඩි 12 ක දිගින් යුත් බව සඳහන් වනවා.

කිඹුලා අද වනජීවී දෙපාර්තමේන්තුවට භාරදෙන බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ගයාන් වික්‍රමසූරිය මහතා කියා සිටියා.