අකුරණ මුස්ලිම් පල්ලියකට ප්‍රහාරයක් ගැන කියූ අය අල්ලයි

අකුරණ මුස්ලිම් පල්ලියකට ප්‍රහාරයක් ගැන කියූ අය අල්ලයි

අකුරණ ප්‍රදේශයේ මුස්ලිම් පල්ලි වලට බෝම්බ ප්‍රහාරයක් එල්ල වන බවට 119 පොලිස් හදිසි ඇමතුම් අංකයට ව්‍යාජ තොරතුරු ලබාදුන් සැකකරු මහනුවර – හාරිස්පත්තුව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

අද (22) අලුයම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම සැකකරු අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළේය.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 21 හැවිරිදි මවුලවීවරයෙකි.

සැකකරු ලබාදුන් ව්‍යාජ තොරතුර හේතුවෙන් පසුගිය 18 වනදා රාත්‍රියේ සිට අකුරණ නගරයේ ආරක්ෂාව තර කිරීමට ආරක්ෂක අංශ කටයුතු කර තිබුණි.

මේ පිලිබඳව ඉදිරි විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරනු ලබයි.

Share This