හීනටියන මහේෂ්ගේ ප්‍රධාන ගෝලයා විශේෂ කාර්ය බලකා අත්අඩංගුවට

හීනටියන මහේෂ්ගේ ප්‍රධාන ගෝලයා විශේෂ කාර්ය බලකා අත්අඩංගුවට

ඩුබායි හී සැඟව සිට මෙරට අපරාධ රැල්ල මෙහෙයවන හීනටියන මහේෂ්ගේ 25 හැවිරිදි ප්‍රධාන ගෝලයා T56 ගිනි අවියක් සහ පිස්තෝල අවි දෙකක් සමගින් විශේෂ කාර්ය බලකා නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.

විශේෂ කාර්ය බලකායේ ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ඊයේ (06) දින මීගමුව පොලිස් වසමේ, මේරියන් පෙදෙස, කුඩා පාඩුව මීගමුව ප්‍රදේශයේදී මෙම වැටලීම සිදුකර තිබේ.

එහි දී යම් අපරාධයකට සැරසෙමින් සිටියදී, මෙම පුද්ගලයා හීනටියන මහේෂ්ට අයත් T56 අවි 01 යි, එම අවියට යොදන මැගසින් 03 ක් සහ උන්ඩ 87 සහ 8mm වර්ගයේ පිස්තෝල අවි 01 ක් සහ ෂොට් ගන් අවියට යොදන ජීව උණ්ඩ 15 ක්ද, ව්‍යාජ අංක තහඩු දෙකක්ද සමඟ අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මීගමුව පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

තවද මෙම T56 අවිය පසුගිය සමයේ මිනුවන්ගොඩ ගමන් ගෙදර ප්‍රදේශයේ නිවසකට පැන පියෙකු හා පුතුන් දෙදෙනා වෙඩි තබා ඝාතනයට යොදාගත් අවිය බවට කරුණු අණාවරණය වී තිබේ.

දකුණු පළාත සහ බස්නාහිර පළාත තුල අපරාධ සහ මනුෂ්‍ය ඝාතන සදහා යොදාගත් අවියක් බවට කරුණු අණාවරණය වී ඇති අතර, මෙම අපරාධය සදහා සැකකරු මෙහෙයවා ඇත්තේ ඩුබායි සැගව සිට අපරාධ මෙහෙයවන හීනටියන මහේෂ්ගේ තවත් ගෝලයකු වන සුන්නා නමින් හදුන්වන අයෙකු බව හෙළිව තිබේ.