උප්පැන්නය නැති අයටත් ජාතික හැදුනුම්පතක්

උප්පැන්නය නැති අයටත් ජාතික හැදුනුම්පතක්

උප්පැන්න සහතිකය නොමැති වීම හේතුවෙන් ජාතික හැදුනුම්පත ගැනීමට නොහැකිව සිටින වයස අවුරුදු 40 ඉක්මවූ පුද්ගලයන්ට ජාතික හැදුනුම්පත නිකුත් කිරීමේ වැඩසටහනක් සකස් කර ඇති බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා පැවසීය.

ග්‍රාම නිලධාරී කොට්ඨාසයක ස්ථිර පදිංචිය සහිත, ඡන්දහිමි නාම ලේඛණයේ ලියාපදිංචි, උප්පැන්න සහතිකයක් නොමැතිවීම හේතුවෙන් මෙතෙක් ජාතික හැදුනුම්පතක් ලබාගෙන නොමැති වයස අවුරුදු 40 ඉක්මවූ ශ්‍රී ලාංකික පුරවැසියන්ට මේ සඳහා ඉල්ලුම් කළ හැකි බව ද පැවසූ සපුතන්ත්‍රි මහතා පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ක්‍රියාපටිපාටියට අනුව ඒ සඳහා කටයුතු කළ හැකි බව ද සඳහන් කළේය.

මේ පිළිබඳ වැඩි විස්තර ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අනුයුක්ත පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ සංවර්ධන නිලධාරීන්ගෙන් ලබාගත හැකිය.

ඒ සඳහා පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනය පහතින්.

Share This