“43 ලක්ෂයක් පාසල් දූ දරුවන්ට නොමිලේ දිවා ආහාරය දුන්නා, මෙන්න ඒකට සාක්ෂි” – විපක්ෂ නායක

“43 ලක්ෂයක් පාසල් දූ දරුවන්ට නොමිලේ දිවා ආහාරය දුන්නා, මෙන්න ඒකට සාක්ෂි” – විපක්ෂ නායක

43 ලක්ෂයක් පාසල් දූ දරුවන්ට 1993 පැවැති රණසිංහ ප්‍රේමදාස රජය විසින් නොමිලේ දිවා ආහාරය සහ නිල ඇදුම් ලබා දුන් බව එවක රජය විසින් නිකුත් කළ නිල ලේඛන සාක්ෂි ලෙස ඉදිරිපත් කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (08) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුව, ප්‍රතිපත්ති සැලසුම් හා ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යාංශය විසින් 1992-1996 දක්වා කාලයට අදාළව නිකුත් කළ වාර්තාව, 1994 මහබැංකු වාර්තාව, එසේම එවක සෞඛ්‍ය අමාත්‍යවරයා වූ රිචඩ් පතිරණ ඇමතිවරයාගෙන් අස්වර් මන්ත්‍රිතුමා අහන ලද ප්‍රශ්නයකට දුන් පිළිතුරකත් මේ බව සඳහන් වන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

පාර්ලිමේන්තුවේ පුස්තකාලයේ හෝ අමාත්‍යාංශවල මෙවැනි පැරණි දත්ත නොමැති බවත් බංකොලොත් රට ගොඩ ගන්නට නම් මෙවැනි දත්ත මත පදනම් වූ ක්‍රමවේදයකට යා යුතු බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ නිදහසින් පසු මෙරට සිදුවූ සුබසාධන හා අනෙකුත් කටයුතු සම්බන්ධ දත්ත සුරක්ෂිත කර තිබීම අතිශය වැදගත් බවයි.

Share This