කතරගම දේවාලයේ මහ කපුවා අත්අඩංගුවට

කතරගම දේවාලයේ මහ කපුවා අත්අඩංගුවට

ඓතිහාසික රුහුණු කතරගම දේවාලයේ පවුම් 38 ක රන් තැටිය අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටි කතරගම දේවාලයේ ප්‍රධාන කපු මහතා වන සොමිපාල ටී. රත්නායක කොළඹ අපරාධ කොට්ඨාසයට භාර වීමෙන් අනතුරුව අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය පවසයි.

ගබඩා භාරකරු ලෙස කටයුතු කළ සමන් ප්‍රියන්ත නොහොත් චූටි කපුවා නීතිඥවරයකු මාර්ගයෙන් ඉකුත් 19 දින භාරවීමෙන් පසු තිස්සමහාරාම අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදාහැර තිබිණි

රන් තැටිය අස්ථානගතවීම සම්බන්ධයෙන් සැකකාර ප්‍රධාන කපුවාගේන් පැය තුනකට ආසන්න කාලයක් ප්‍රකාශ ලබාගෙන සටහන් කරගත් බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීයෙක් පැවසීය.

 

Share This