web hit counter
ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ අදත් ක්‍රීඩා වැරදි වැළැක්වීමේ ඒකකයට

ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ අදත් ක්‍රීඩා වැරදි වැළැක්වීමේ ඒකකයට

ජාතික ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා කොළඹ සුගතදාස ක්‍රීඩා සංකීර්ණයේ පිහිටි ක්‍රීඩා වැරදි වැලැක්වීමේ පොලිස් ඒකකයේ අද (27) පස්වරු 2.00 ට නැවත පෙනී සිටීමට නියමිතව තිබේ.

වික්‍රමසිංහ මහතා පසුගිය 21 වැනිදා පළමු වරට එම ඒකකය හමුවේ පෙනී සිටියේය.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා පිල ලැබූ දැවැන්ත කඩා වැටීම පිටුපස කුමන්ත්‍රණයක් ඇති බවට ඔහු විසින් පසුගියදා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යංශය කළ පැමිණිල්ලට අනුව මෙම නැවත කැඳවීම කර තිබේ.

Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )