ගිනි අවි සහ පතොරම් සමග කාන්තාවක් ඇතුළු දෙදෙ‌නෙකු අත්අඩංගුවට

ගිනි අවි සහ පතොරම් සමග කාන්තාවක් ඇතුළු දෙදෙ‌නෙකු අත්අඩංගුවට

සේදවත්ත ප්‍රදේශයේ ඝාතනයකට යොදා ගත් බවට සැක කරන ටී 56 වර්ගයේ ගිනි අවි දෙකක් මැගසින් දෙකක් උණ්ඩ 26 ක් සහ හොරොයින් ග්‍රෑම් 100 ක් සමගින් කාන්තාවක් ඇතුළු දෙදෙනකු වැල්ලම්පිටිය ප්‍රදේශයේ දී අද (02) අළුයම අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන සහ සංවිධානාත්මක අපරාධ විමර්ශනය ඒකකය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරු සහ සැකකාරිය විදෙස් ගතව ඩුබායි හි සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු වන සේදවත්තේ කසුන් නමැත්තාගේ සමීපතමයන් දෙදෙනෙකු බවට අනාවරණය වී ඇතැයි ද එම ඒකකය පවසයි.

සැකකරුවන් දෙදෙනා අධිකරණය වෙත ඉදිරිපත් කර රැදවුම් නියෝග ලබා ගෙන වැඩි දුරටත් ප්‍රශ්න කිරීමට නියමිතව ඇත.