යාලේ දළ කොටා මියයයි

යාලේ දළ කොටා මියයයි

මාස දෙකකට ආසන්න කාලයක් තිස්සේ වනජීවී පශු වෛද්‍ය වරුන්ගේ ප්‍රථිකාර ලබමින් සිටි යාල ජාතික වනෝද්‍යනයේ සිටි විශාලතම දළ ඇතා වන දළ කොටා ලුණුගම්වෙහෙර ජලාශයේ වැටී මියගොස් සිටියදී වනජීවී නිළධාරීන් විසින් සොයාගෙන තිබේ.

දෙස්විදෙස් සංචාරකයින්ගේ ආකර්ෂණයට පත්ව සිටි උසින් අඩි අටහමාරක් පමණ උස අවුරුදු විසිපහත් තිහත් අතර වයසේ පසුවන මෙම ඇතා දකුණු පාදයේ තුවාලයක් සහිතව නොන්ඩිවැව අසල රෝගීව සිටියදී වනජීවී නිලධාරීන්ට හමුවී තිබුණි.

වනජීවී නිලධාරීන් විසින් මාස දෙකකට ආසන්න කාලයක් ඇතාට ප්‍රතිකාර කර ඇතත් බේරාගැනීමට නොහැකිවී ඇත.

ඉකුත් 21 වන දා මියගොස් ඇති මෙම ඇතාගේ මරණය පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණය පශුවෛද්‍ය නිලධාරී ආනන්ද ධර්මකීර්ති මහතා විසින් පවත්වන ලදි.

මරණයට හේතුව මෙතෙක් ප්‍රකාශයට පත්කර නොමැති අතර තුවාලය කුමකින් සිදුවූවාදැයි මෙතෙක් අනාවරණය වී නොමැත.

වනජීවී සංරක්ෂණ දෙපාර්තුමේන්තුව දකුණු පළාත් සහකාර අධ්‍යක්ෂක ඩබ්ලිව්.ඒ.ඒ.ඩී.යූ ඉන්ද්‍රජිත් මහතාගේ උපදෙස් පිට යාල (vi) වන කලාපයේ වනජීවී අඩවි ආරක්ෂක ටී.එච්.ඩී.ඒ ද සිල්වා මහතා සිද්ධිය පිළිබඳව පරීක්ෂණ පවත්වයි.