T 20 ලෝක කුසලානයේ පළමු තරඟයේ ජය ඇමරිකාවට

T 20 ලෝක කුසලානයේ පළමු තරඟයේ ජය ඇමරිකාවට

2024 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ පළමු තරඟයේ ජය වාර්තා කිරීමට සත්කාරක ඇමරිකාව සමත්විය.

ඒ කැනඩා කණ්ඩායම කඩුළු 07කින් පරාජයට පත් කරමින්.

තරඟයේ කාසියේ වාසිය දිනූ ඇමරිකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට කැනඩා කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් සිය පන්දුවාර 20 අවසානයේ කඩුළු 05 ක් දැවී ලකුණු 194 ක් රැස් කළහ.

පන්දුවට පහරදීමේදී කැනඩා කණ්ඩායම වෙනුවෙන් Navneet Dhaliwal ලකුණු 61 (44), Nicholas Kirton ලකුණු 51 (31) ක්ද, Shreyas Movva ලකුණු 32 (16) ක්ද ලබා ගැනීමට සමත් විය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඇමරිකා කණ්ඩායම පන්දු වාර 17යි පන්දු 04ක් අවසානයේ කඩුළු 03 ක් දැවී ලකුණු 197 රැස් කරමින් තරඟයේ ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් විය.