කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට පැය 16ක ජල කප්පාදුවක්

කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට පැය 16ක ජල කප්පාදුවක්

අඹතලේ ජල සැපයුම් මධ්‍යස්ථානයේ අලුුත් වැඩියා කටයුත්තක් හේතුවෙන් කොළඹ ප්‍රදේශ කිහිපයක හෙට (17) ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසයි.

ඒ අනුව, හෙට (17) පස්වරු 05 සිට පසුදින (18) පෙරවරු 09 දක්වා පැය 16ක කාලයක් මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි, ජලසම්පාදන මණ්ඩලය සඳහන් කළේ.

ඒ, කොළඹ 11, 12, 13, 14 සහ 15 ප්‍රදේශවලටය.