පාසල් පාවහන් තිළිණ පත් වල වලංගු කාලයේ වෙනසක්

පාසල් පාවහන් තිළිණ පත් වල වලංගු කාලයේ වෙනසක්

රජය විසින් පාසල් සිසුන් වෙනුවෙන් ලබා දුන් පාසල් පාවහන් තිළිණපත් වල වලංගු කාලය දීර්ඝ කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.

පාසල් සිසුන් වෙනුවෙන් රජය ලබා දුන් පාසල් පාවහන් තිළිණපත්වල වලංගු කාලය වශයෙන් පෙර සඳහන් කර තිබුණේ 2024. 02. 01 දින දක්වා වූ කාලය වන අතර එම කාලය, 2024. 02. 17 දින දක්වා දීර්ඝ කර ඇති බව පාවහන් සැපයුම්කරුවන් හා ජනතාව වෙත අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙයි.

Share This