බෙලිඅත්තේ ඝාතන සිද්ධියට තවත් 3ක් අත්අඩංගුවට

බෙලිඅත්තේ ඝාතන සිද්ධියට තවත් 3ක් අත්අඩංගුවට

බෙලිඅත්තේ පංච පුද්ගල ඝාතනයට ආධාර අනුබල දුන් තවත් සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය පැවසුවේ සැකකරුවන් දෙදෙනෙකු හුංගම පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, මාතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් මාතර දී තවත් එක් සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බවයි.

එලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ අවුරුදු 28, 42, හා 58 යන වයස්වල පසුවන මීගමුව, අලව්ව හා බූස්ස යන ප්‍රදේශවල පදිංචිකරුවන්ය.

මෙම සැකකරුවන් ඝාතනයට යොදාගත් ටී 56 ගිනිඅවි බැහැර කිරීම සම්බන්ධයෙන් හා අපරාධ සිදුකිරීමේ දී මුදල් ගනුදෙනු සිදුකිරීම සම්බන්ධයෙන් මොවුන් අත්අඩංගුවට ගෙන තිබේ.

වැඩිදුර විමර්ශන බෙලිඅත්ත පොලීසිය විසින් සිදුකරන අතර මීට පෙර අදාළ ඝාතන සඳහා ගිනිඅවි ප්‍රවාහනය කිරීමේ වරදට කාන්තාවන් දෙදෙනෙකුට අත්අඩංගුවට පත්වුණි.