වෙඩි තැබීමකින් කෙලවර වූ අනියම් අනියම් ගැටුම

වෙඩි තැබීමකින් කෙලවර වූ අනියම් අනියම් ගැටුම

කරුවලගස්වැව තබ්බෝව ධීවර ගම්මානය ප්‍රදේශයේදී ඊයේ (30) සිදු කළ වෙඩි තැබීමකින් තුවාල ලැබූ පුද්ගලයෙකු ප්‍රතිකාර සඳහා පුත්තලම මූලික රෝහලට ඇතුළත්කර ඇතැයි කරුවලගස්වැව පොලීසිය පවසයි.

වෙඩි වැදීමෙන් තුවාල ලබා ඇත්තේ, තබ්බෝව පාවට්ටාමඩුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන ජයන්ත රෝහණ නැමති වයස අවුරුදු 40ක් පමණ වන පුද්ගලයෙකි.

සිද්ධියට අදාළ සැකකරු වෙඩි තැබීමෙන් පසුව පළාගොස් ඇති බවත් ඔහු හා සිද්ධියට අදාළ ගිනි අවිය අත් අඩංගුවට ගැනීමට මෙහෙයුමක් සිදුකරගෙන බවත් පොලීසිය සදහන් කළේය.

අනියම් සබඳතාවක් පවත්වාගෙන යන දෙදෙනකු අතර ඇතිවූ ගැටුමක් මුල් කරගනිමින් මෙම වෙඩි තැබීම සිදුව ඇති බවට තොරතුරු ලැබී ඇතැයිද පොලීසිය සඳහන් කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකෙරෙන බවත් පොලීසිය පැවසීය.