9 වන මිත්‍ර ශක්ති යුද අභ්‍යාසය සාර්ථකව අවසන් කළ ශ්‍රී ලංකා භට පිරිස් දිවයිනට

9 වන මිත්‍ර ශක්ති යුද අභ්‍යාසය සාර්ථකව අවසන් කළ ශ්‍රී ලංකා භට පිරිස් දිවයිනට

ඉන්දියානු සහ ශ්‍රී ලංකා හමුදා භටපිරිස්හි සහභාගිත්වයෙන් 9 වන වරටත් පැවැත් වූ ‘මිත්‍ර ශක්ති – 2023’ ඒකාබද්ධ යුද අභ්‍යාසය අවසන් කළ යුද්ධ හමුදා භට පිරිස් මත්තල ගුවන්තොටුපළින් අද යළි දිවයිනට පැමිණියහ.

‘මිත්‍ර ශක්ති – 2023’ ඒකාබද්ධ යුද අභ්‍යාසය ඉන්දියාවේ පූනේහි අවුන්ඩ් ප්‍රදේශයේ පිහිටි යුද්ධ හමුදා කඳවුරේදී නොවැම්බර් මස 16 වැනි දින සිට 29 දක්වා පැවැත්විණ.

මෙම යුද අභයාසය සඳහා ඉන්දියානු යුද්ධ හමුදා භටපිරිස් 120 දෙනෙක්, ශ්‍රී ලංකා යුද්ධ හමුදා භටපිරිස් 123 දෙනෙක්, ඉන්දීය ගුවන් හමුදා භටපිරිස් 15 දෙනෙක් සහ ශ්‍රී ලංකා ගුවන් හමුදා භටපිරිස් 05 දෙනෙක් සහභාගී වූහ.

‘මිත්‍ර ශක්ති’ යුද අභ්‍යාසය 2012 වසරේ සිට ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සහ ඉන්දීය යුද්ධ හමුදාව ඒකාබද්ධව දෙරටේ හමුදා අතර අන්‍යොන්‍යය සබඳතාව ඇති කිරීමට වාර්ෂිකව පැවැත්වේ.