ජපන් රැකියාවක් බලාපොරොත්තුවෙන් සිටි තරුණ තරුණියන්ට සුබ පණිවිඩයක්

ජපන් රැකියාවක් බලාපොරොත්තුවෙන් සිටි තරුණ තරුණියන්ට සුබ පණිවිඩයක්

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා සඳහා විශේෂ නිපුණතා සේවක වීසා කාණ්ඩය යටතේ ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ට ජපානයට ඇතුළු වීමට අවසර දෙන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසනවා.

අමාත්‍යවරයා කියා සිටියේ ජපන් භාෂා ප්‍රවීණතාවයට සහ අදාළ විභාගය සමත් වීමට යටත්ව විශේෂ නිපුණතා සේවක වීසා නිකුත් කරන බවයි.

අද (දෙසැ 01) සිට මෙම වැඩසටහන ක්‍රියාත්මක වන බව අමාත්‍ය නානායක්කාර මහතා වැඩිදුරටත් සඳහන් කළා.