මලාවි රාජ්‍යයේ උප ජනාධිපති ගිය ගුවන් යානය අතුරුදන්

මලාවි රාජ්‍යයේ උප ජනාධිපති ගිය ගුවන් යානය අතුරුදන්

මලාවි රාජ්‍යයේ 51 හැවිරිදි උප ජනාධිපති සෝලෝස් චිලීමා රැගත් ගුවන් යානය අතුරුදන් වී තිබේ.

හිටපු කැබිනට් අමාත්‍යවරයෙකුගේ අවමංගල්‍යක් සඳහා යමින් සිටියදී උප ජනාධිපතිවරයා ඇතුළු පිරිස රැගත් ගුවන් යානය අතුරුදන් වී ඇතැයි පැවසේ.

මලාවි ආරක්ෂක බලකායට අයත් ගුවන් යානය ලිලොන්ග්වේ අගනුවරින් පිටත් වූ පසු රේඩාර් පද්ධතියෙන් ඉවත් වී තිබේ.

යානය එම්සූසු ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත ගොඩබෑමට නියමිත වූවත්, යානය පැමිණ නොමැති බවයි,
මලාවි ජනාධිපති කාර්යාලය නිවේදනය කළේ.

උපජනාධිපතිවරයා සහ තවත් 09 දෙනෙකු යානයේ සිට ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

යානය අතුරුදන් වීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර එය සොයා අඛණ්ඩ මෙහෙයුම් ක්‍රියාත්මක බව මලාවි ජනාධිපතිවරයා පැවසීය.