අපේක්ෂා රෝහලට එමින් තිබූ බස්රථයට ගල් ගැසූ 07ක් අත්අඩංගුවට

අපේක්ෂා රෝහලට එමින් තිබූ බස්රථයට ගල් ගැසූ 07ක් අත්අඩංගුවට

ආණමඩුවේ සිට මහරගම අපේක්ෂා රෝහලට ගමන් ගන්නා ලංගම බස් රථයට ආඩිගම නගරයේදී ගල් ප්‍රහාරයක් එල්ල කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පෞද්ගලික බස් රථ රියදුරන් හා කොන්දෙස්තරවරුන් ඇතුළු හත් දෙනෙකු අත් අඩංගුවට ගත් බව ආණමඩුව පොලිසිය පවසයි.

මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ, බත්තුළුඔය, කිරීයන්කල්ලිය, බංගදෙනිය, වෙන්නප්පුව ඇතුළු ප්‍රදේශ වල පදිංචි පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථ රියදුරන්, කොන්දොස්තරවරුන් ඇතුළු අවුරුදු 25 හා 30 සිමා වල පිරිස් බව කියයි.

ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් හලාවත ඩිපෝවට අයත් බස් රථයක් වසර කිහිපයක සිට ආණමඩුව නගරයේ සිට මහරගම අපේක්ෂා රෝහල වෙත ගමන් ආරම්භ කර තිබුණි.