ඉදිරි සති දෙක තුළ ඩෙංගු අවදානම තව ඉහළට

ඉදිරි සති දෙක තුළ ඩෙංගු අවදානම තව ඉහළට

ඉදිරි සති දෙක තුළ ඩෙංගු මදුරු ඝනත්වය ඉහළ යා හැකි බව සෞඛ්‍ය හා කීට විද්‍යා නිලධාරීන්ගේ සංගමයේ සභාපති නජිත් සුමනසේන මහතා පවසයි.

සියයට පහක්ව පැවති කීට ඝනත්වය මැන බලන බිට්ටෝ දර්ශකය මේ වන විට සියයට 15 ක් දක්වා ඉහළ ගොස් ඇති බව ඔහු සඳහන් කළේය.

MOH කොට්ඨාශ 68 ක් ඩෙංගු අධි අවදානම් ප්‍රදේශ ලෙස හඳුනාගෙන ඇති බවත් ඉදිරි කාලය තුළ එම අංශ පදනම් කර ගනිමින් ඩෙංගු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කරන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය

Share This