අනුර සහ ඉන්දීය විදේශ ඇමති අතර හමුවක්

අනුර සහ ඉන්දීය විදේශ ඇමති අතර හමුවක්

ඉන්දියානු සංචාරයක නිරතව සිටින ජාතික ජන බලවේගයේ නායක, අනුර කුමාර දිසානායක මහතා අද (05) ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් සමග සාකච්ඡා පැවැත්වූ බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා සිය X ගිණුමෙහි සටහනක් තබමින් පවසා ඇත.

එහිදී ද්විපාර්ශික සම්බන්ධතා සම්බන්ධයෙන් මෙන්ම ශ්‍රී ලංකාවේ ආර්ථික අභියෝග සම්බන්ධයෙන් පැයකට අධික කාලයක් අදහස් හුවමාරු කරගත් බවයි, අමාත්‍යවරයා තව දුරටත් සඳහන් කර ඇත්තේ.

Share This