රුපියලේ අගය ඉහළට

රුපියලේ අගය ඉහළට

2024 වසරේ පෙබරවාරි 02 දින දක්වා කාලපරිච්ඡේදය තුළ එක්සත් ජනපද ඩොලරය හා සැසඳීමේ දී ශ්‍රී ලංකා රුපියල 3.2% කින් අතිප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

මේ අතර අනෙකුත් ප්‍රධාන විදේශ විනිමය හා සැසඳීමේ දී ශ්‍රී ලංකා රුපියල, ජපන් යෙන්වලට සාපේක්ෂව 6.8% කින්, ස්ටර්ලිං පවුමට එරෙහිව 3.1% කින්, යූරෝ හා සැසඳීමේ දී 5.1% කින් සහ ඉන්දියානු රුපියලට සාපේක්ෂව 2.9% කින් වර්ධනය වී ඇති බව මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරයි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (05) දිනයේ දී ඩොලරයක ගැනුම් මිල රු. 307.70 ක් හා විකුණුම් මිල රු. 317.25 ක් ලෙසින් වාර්තා වී තිබේ.

අද දින එ.ජ.ඩොලරයේ නිරූපිත එතැන් විනිමය අනුපාතිකයරු. 311.41 ක් ලෙසින් වාර්තා වන අතර එය 2023 ජූලි 10 වන දිනෙන් පසු වාර්තා වී ඇති පහළම අගය වේ.

Share This