සා.පෙළ පෙනි පෙනී සිසුවියක් දියේ ගිලී මරුට

සා.පෙළ පෙනි පෙනී සිසුවියක් දියේ ගිලී මරුට

මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට සිටි පාසල් සිසුවියක් දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය පවසයි.

මුන්දලම පුලිච්චන්කුලම වැවේ දිය නාමින් සිටියදී මෙම සිසුවිය ඊයේ (17) ජීවිතක්ෂයට පත්ව ඇත. ඇය උඩප්පුව පදිංචි අවුරුදු 17ක සිසුවියකි.

මියගිය සිසුවිය ඇයගේ මිතුරියන් සිව්දෙනෙකු හා එක් මිතුරියකගේ මිත්තනියක් සමග වැවේ දිය නාමින් සිටියදී මෙම අනතුරට ලක්ව තිබේ.

මුන්දලම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.