අඟුරුවාතොට අතුරුදන් වූ මවගේ සහ දියණියගේ සිරුරු හමුවෙයි

අඟුරුවාතොට අතුරුදන් වූ මවගේ සහ දියණියගේ සිරුරු හමුවෙයි

අඟුරුවාතොට ඌරුතුඩාව ප්‍රදේශයෙන් අතුරුදන් වූ තරුණ මවගේ සහ කුඩා දියණියගේ සිරුරු අඟුරුවාතොට රත්මල්ගොඩ කැලෑවක තිබියදී සොයාගත් බව පොලිසිය පවසයි.

24 හැවිරිදි වාසනා කුමාරි සහ මාස 11 වයසැති ඇගේ දියණිය ටශ්මි දලන්‍යා මීට දින දෙකකට පෙර අතුරදහන් විය.

නිවසට මීටර් 500ක් පමණ ඈතින් වූ කැළෑ ප්‍රදේශයක තිබියදී ප්‍රදේශවාසීන් හා පොලීසිය විසින් අද එම සිරුරු සොයාගෙන තිබේ.

සිරුරු දෙකට සතුන් දැඩි ලෙස හානි සිදුකර ඇති බවද වාර්තා වෙයි.

සිඟිත්තිය සමඟ ඇය අතුරුදන්ව ඇති බවට පසුගියදා අඟුරුවාතොට පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබුණි.

සිද්ධිය සම්බන්ධව සැකපිට මිය ගිය කාන්තාවගේ සැමියාගේ මස්සිනා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබිණි.

පොලිස් විමර්ශනවලදී කාන්තාවගේ නිවසේ මැකී ගිය ලේ පැල්ලම් කිහිපයක් ද නිරීක්ෂණය වී තිබුණි.

අතුරුදන් වූ වාසනා කුමාරි, 24 හැවිරිදි එක්දරු මවක් වන අතර, ඇය සිය 11 හැවිරිදි සිඟිත්තිය ද සමග පසුගිය 18 වනදා පස්වරුවේ සිට අතුරුදන්වී ඇති බව පවසමින් ඇයගේ සැමියා අඟුරුවාතොට පොලීසියට එලෙස පැමිණිල්ලක් සිදුකර තිබුණි.

Share This