බස්නාහිර පළාත තුළ විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් අද සිට

බස්නාහිර පළාත තුළ විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් අද සිට

අද (26) සිට මැයි 2 වැනිදා දක්වා බස්නාහිර පළාත තුළ විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක බව කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය නිවේදනය කරයි.

ඒ අනුව සමාරම්භක වැඩපිළිවෙල කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙන් ඇරඹීමට නියමිතය.

පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සඳහන් කළේ වසරේ මේ දක්වා වාර්තාවූ ඩෙංගු රෝගීන්ගෙන් 49%ක් බස්නාහිර පළාතෙන් වාර්තාවී ඇති බවයි.

ඒ අනුව, ඩෙංගු වැඩි අවදානමක් සහිත සියලු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස කේන්ද්‍ර කරගෙන මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.

ජනතාව දැනුවත් කිරීම, නිවාස සහ පරිශ්‍ර පරීක්ෂා කිරීම, ඇතුලු කටයුතු මෙන්ම මදුරුවන් බෝවන ස්ථාන පවත්වාගෙන යන පාර්ශවයන් වලට නීතිමය පියවර ගැනීමද මෙහිදී සිදුවන බව බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සදහන් කළේය.

Share This