මිරිහානේ නිවසකින් අභිරහස් ලෙස මියගිය යුවලකගේ සිරුරු හමුවෙයි

මිරිහානේ නිවසකින් අභිරහස් ලෙස මියගිය යුවලකගේ සිරුරු හමුවෙයි

මිරිහාන ජුබිලි මාවත ප්‍රදේශයේ නිවසක දින කීපයකට පෙර මියගියා යයි සැක කරන වයෝවෘද්ධ අඹුසැමි යුවළකගේ සිරුරු එම නිවසේ කාමරයක තිබියදී ඊයේ (08) සොයා ගත් බව මිරිහාන පොලිසිය පවසයි.

එම නිවස අවටින් දුගඳක් හැමීම හේතුවෙන් ඒ පිළිබඳව සොයා බැලූ අසල්වාසියෙකු මෙම මළ සිරුරු දෙක පිළිබඳව පොලිසියට කළ දැනුම් දීමක් මත මිරිහාන පොලිසියේ නිලධාරීන් විසින් පැමිණ මෙම සිරුරු දෙක සොයාගෙන තිබේ.

පොලිස් නිලධාරීන් එම නිවසට ගොස් පරීක්ෂා කිරීමේදී නිවසේ කාමරයක ඇඳක් මත තිබී මියගිය පිරිමි මළසිරුර හමුවී ඇති අතර නිවසේ මුළුතැන්ගෙයි බිම තිබී නිරුවත් කාන්තා මළසිරුර හමුවූ බව පොලීසිය වැඩිදුරටත් පැවසීය.

මියගොස් ඇති පිරිමි පුද්ගලයා අවුරුදු 80 පුද්ගලයකු වන අතර කාන්තාව 96 වන අඹු සැමියන් බව පොලිසිය පවසයි.

මෙය ඝාතනයක්ද, නැතහොත් ස්වාභාවික මරණයක්ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති අතර, ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන බවයි මිරිහාන පොලිසිය සඳහන් කළේ.

Share This