ලාංකිකයින් 3065ක් ඇමෙරිකාවෙන් පිටුවහල් කිරීමේ තීරණයක්

ලාංකිකයින් 3065ක් ඇමෙරිකාවෙන් පිටුවහල් කිරීමේ තීරණයක්

නව අමෙරිකානු පරිපාලනය විසින් පිටුවහල් කිරීමට නියමිත නීතිවිරෝධී ලෙස රැඳී සිටින විදේශිකයන් අතර ශ්‍රි ලංකිකයින් 3065 දෙනෙකු සිටින බව එරට සංක්‍රමණික සහ රේගු බලාධිකාරිය පවසනවා.

මේ ආකාරයෙන් ලොව පුරා රටවල් රැසකින් පැමිණ අමෙරිකාවේ නීතිවිරෝධී ලෙස රැඳී සිටින දාහතර ලක්ෂ 45,549ක ලැයිස්තුවක් එමගින් ඔවුන් සකස් කර තිබෙනවා.

ඊට ඇතුළත් කර ඇත්තේ අමෙරිකාවෙන් ඉවත් කිරීමේ අවසාන ලැයිස්තුවට අයත් විදේශිකයන් සංඛ්‍යාව බව සදහන් වනවා.

එහිදී අමෙරිකානු රජයේ පියවරට සහාය නොදක්වන රටවල් ලැයිස්තුවක් දක්වා ඇති අතර, ඊට ශ්‍රී ලංකාව අයත් වන්නේ නැහැ.