අමෙරිකානු නියෝජ්‍ය රාජ්‍ය ලේකම්වරයෙක් දිවයිනට

අමෙරිකානු නියෝජ්‍ය රාජ්‍ය ලේකම්වරයෙක් දිවයිනට

කළමනාකරණය සහ සම්පත් සඳහා වූ අමෙරිකානු නියෝජ්‍ය රාජ්‍ය ලේකම් Richard R. Verma මහතා මෙරටට පැමිණීමට නියමිතව තිබේ.

හෙට සිට (18) ආරම්භ වන අමෙරිකානු නියෝජ්‍ය රාජ්‍ය ලේකම්වරයාගේ ආසියානු රාජ්‍යයන් කිහිපයක සංචාරය අතරතුර ඔහු මෙරටට පැමිණීමට නියමිත බවටයි, අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත්තේ.

ඒ අනුව, හෙට සිට ලබන 23 වැනි දින දක්වා අමෙරිකානු නියෝජ්‍ය රාජ්‍ය ලේකම් Richard R. Verma මහතා ඉන්දියාව, මාලදිවයින සහ ශ්‍රී ලංකාව වෙත සංචාරය කිරිමට සැලසුම් කර ඇත.

සිය ඉන්දියානු සහ මාලදිවයින් සංචාර නිම කිරීමෙන් අනතුරුව මෙරටට පැමිණෙන ඔහු රජයේ උසස් නිලධාරින් සමඟ සාකච්ඡා පැවැත්වීමට නියමිත බව සඳහන්.

එහිදී නියෝජ්‍ය රාජ්‍ය ලේකම්වරයා කොළඹ වරායේ බටහිර බහාලුම් පර්යන්තය නිරීක්ෂණය කිරිමට ද නියමිතයි.