‘හැරී පොටර් මන්දිරය’ ට රුසියානු ප්‍රහාරයක්

‘හැරී පොටර් මන්දිරය’ ට රුසියානු ප්‍රහාරයක්

යුක්‍රේනයේ ‘හැරී පොටර් මන්දිරය’ ලෙස ප්‍රකට ඔඩෙසා හි පිහිටි මන්දිරයකට රුසියානු ප්‍රහාරයක් එල්ල වී තිබේ.

එම ප්‍රහාරයෙන් පුද්ගලයින් සිව්දෙනෙක් මියගොස් තවත් 32 දෙනෙක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි

හැරී පොටර් චිත්‍රපට මාලාවේ හොග්වර්ට්ස් පාසල පිහිටි ගොඩනැගිල්ලට මෙම ගොඩනැගිල්ල බෙහෙවින් සමානවීම හේතුවෙන් යුක්රේන ජාතිකයන් විසින් මෙම ගොඩනැගිල්ල හැරී පෝටර් මාළිගය ලෙස හඳුන්වනු ලබයි.

ඔඩේසා නීති ඇකඩමියේ නිවහන වන මෙම ගොඩනැගිල්ල හිටපු යුක්රේන මන්ත්‍රීවරයෙකු වන සර්හි කිවලොව්ට අයත්වේ.

මිසයිල ප්‍රහාරය හේතුවෙන් රෝහල් ගත කර සිටින පිරිසෙන් අට දෙනෙකුගේ තත්වය බරපතල බවත් ඒ අතර අවුරුදු හතරක දැරියක් සිටින බවත් යුක්රේන බලධාරීහු පැවැසුහ.

Share This