වන්දනාවේ ගිය වෑන් රථයක් ගසක ගැටී අයෙක් මරුට – 13ක් රෝහලට

වන්දනාවේ ගිය වෑන් රථයක් ගසක ගැටී අයෙක් මරුට – 13ක් රෝහලට

අගුණුකොළපැලැස්සේ සිට පැමිණි වන්දනා නඩයක් රැගත් වෑන් රථයක් අනුරාධපුර බලා යමින් සිටියදී පාදෙනිය – අනුරාධපුර මාර්ගයේ මීඔය හන්දිය ආසන්නයේදී රියදුරුට නින්ද යෑමත් සමග මාර්ගයෙන් ඉවතට පැන කෝං ගසක ගැටී අද (26) අලුයම සිදුවූ අනතුරකින් එක් අයෙක් මියගොස් තිබෙනවා.

අනතුර සිදුවන අවස්ථාවේදී වෑන් රථයේ 15 දෙනෙකු පමණ පිරිසක් සිට ඇති බවයි වාර්තා ව්න්නේ.

වෑන් රථයේ ගමන්ගත් එක අයෙකු අනතුර සිදුවූ අවස්ථාවේදීම මියගොස් ඇති අතර, අනතුරින් තුවාල ලැබූ තවත් 13 දෙනෙකු ගල්ගමුව රෝහලට ඇතුළත් කර තිබෙනවා.

අනතුරින් මියගොස් ඇත්තේ, ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි 69 හැවිරිදි පුද්ගලයෙක් බවයි වාර්තා වන්නේ.

තුවාල ලබා ගල්ගමුව රෝහලට ඇතුළත් කළ අයගෙන් 07 දෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර රෝහලට ඇතුළත් කර තිබෙනවා.

අනතුර සම්බන්ධයෙන් ගල්ගමුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

May be an image of van, ambulance, tree and text

May be an image of 2 people, car, van and text

May be an image of 5 people, van and text