කුසල් මෙන්ඩිස්ගෙන් ද්විත්ව ශතකයක්

කුසල් මෙන්ඩිස්ගෙන් ද්විත්ව ශතකයක්

සිය ටෙස්ට් දිවියේ මංගල ද්විත්ව ශතකය වාර්තා කිරීමට කුසල් මෙන්ඩිස් සමත්වූයේය.

ඒ අයර්ලන්තයට එරෙහිව ගාල්ලේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදීය.

කුසල් සිය ද්විත්ව ශතකය පන්දු 263කින් වාර්තා කළ අතර එයට හතරේ පහර 14ක් හා හයේ පහර 9ක් ඇතුලත් විය.

ලකුණු 245 ක් ලබා සිටියදී මීට සුළු මොහොතකට පෙර කුසල් මෙන්ඩිස් දැවී ගියේය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් නිශාන් මධුෂ්ක ලකුණු 205ක් රැස්කළ අතර දිමුත් කරුණාරත්න ලකුණු 115ක් රැස්කරගත්තේය.

ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට කඩුලු තුනකට ලකුණු 635 ක් රැස්කරගෙන සිටියි.