ශ්‍රී ලංකා කණ්ඩායමට නව වේගපන්දු පුහුණුකරුවෙක්

ශ්‍රී ලංකා කණ්ඩායමට නව වේගපන්දු පුහුණුකරුවෙක්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේගපන්දු යවන පුහුණුකරු ලෙස පාකිස්තානයේ හිටපු වේගපන්දු යවන ක්‍රීඩක අකීබ් ජාවෙඩ් පත්කර තිබෙනවා.

2024 ICC පිරිමි T20 ලෝක කුසලාන තරගාවලිය අවසන් වන තෙක් ඔහු ශ්‍රී ලංකා කණ්ඩායම සමග කටයුතු කරනු ඇති බව වාර්තා වන්නේ.

ජාවෙඩ් පාකිස්ථානය වෙනුවෙන් එක්දින තරග 163කට සහ ටෙස්ට් තරග 22කට ක්‍රීඩා කරමින් අන්තර්ජාතික පිටියේ කඩුලු 236ක් ලබාගෙන තිබේ.

1992 ලෝක කුසලාන ජයග්‍රාහී පකිස්ථාන කණ්ඩායමේ සාමාජිකයකු වන ජාවෙඩ් විවිධ පුහුණු කිරීමේ හැකියාවන් යටතේ ජාතික කණ්ඩායම් කිහිපයක් සඳහා සේවය කර ඇත.

Share This