දින 10ක් තුළ කැලෑ ගිනිතැබීම් 30ක්

දින 10ක් තුළ කැලෑ ගිනිතැබීම් 30ක්

පවතින වියලි කාලගුණ තත්ත්වයත් සමග වනාන්තර ගිනි තැබීම් වාර්තා වන බවත් දින 10ක් තුළ ස්ථාන 30ක කැලෑ ගිනිතැබීම් වාර්තා වෙන බවත් ආපදා කලමනාකරන මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක ප්‍රදීප් කොඩිප්පිලි මහතා පවසයි.

මෙම අපරාධය වැලැක්වීම සඳහා වනජීවි දෙපාර්තමේන්තුව සහ පොලිසිය ඒකාබද්ධ වැඩපිළිවෙළක් දියත් කර ඇති බවත් කැලෑ ගිනි තැබීමේ අපරාධය සිද්ධ කරන අපරාධකරුවන් සදහා නීතිය දැඩි ලෙස ක්‍රියාත්මක වනු ඇති බවත් ඔහු දන්වා සිටී.

මේ අතර පවතින අධික වියලි කාලගුණ තත්ත්වය හේතුවෙන් කුරුණෑගල සහ කෑගල්ල දිස්ත්‍රික්කවල පවුල් 3000 කට පමණ පානීය ජල ගැටලු ඇතිවී ඇතැයි ද ඔහු පවසයි.

දැඩි පෑවිල්ල නිසා ජල සම්පාදන ක්‍රම 15ක ජල ධාරිතාවට බලපෑමක් එලවී ඇති බවත් ප්‍රධාන ලෙස පුස්සල්ලාව, කොටගල ,හැටන් ,ඌරු බොක්ක ගම්පලවත්ත , පුස්සල්ල යන ජල සම්පාදන ක්‍රමවලින් ජලය සැපයීම මුර ක්‍රමයට සිදු කරන බවත් ජල සම්පාදන හා ජලා ප්‍රවාහන මණ්ඩලයේ කියා සිටී .

සැම විටම ඉතා අර පිරිමැස්මෙන් ජලය භාවිතා කිරීමට උනන්දු වන ලෙසද පානීය ජල ගැටලු පවතින්නේ නම් හො කැලෑ ගිනි තැබීම් සම්බන්ධව වාර්තා වන්නේ නම් වහාම 117 දුරකථන අංකය ඔස්සේ ආපදා කළමනාකරන මධ්‍යස්ථානයට දැනුම් දෙන ලෙසද එම මධ්‍යස්ථානය මහජනතාවගෙන් ඉල්ලා සිටි .